SB, චමල්, නිපුණ ඇතුළු 18කට සභාපතිධුර


දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස මන්ත්‍රීවරු 18ක්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී මෙම පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම පා.ම. සාගර කාරියවසම් යන මහත්වරුද එක්වූහ.

ඒ අනුව දිස්ත්‍රික්ක 18ක සම්බන්ධීකරණ කමිටු සඳහා නව සභාපතිවරුන්ට පත්වීම් ලිපි ලබාදුන් අතර එසේ පත්වීම් ලිපි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ,

කොළඹ - ප්‍රදීප් උදුගොඩ, ගම්පහ - සහන් ප්‍රදීප් විතාන, කළුතර - සංජීව එදිරිමාන්න, ගාල්ල - සම්පත් අතුකෝරල, මාතර - නිපුණ රණවක, හම්බන්තොට - චමල් රාජපක්ෂ, කුරුණෑගල - සමන්ද්‍රිය හේරත්, පුත්තලම - චින්තක මායාදුන්නේ, අනුරාධපුරය - එච්. නන්දසේන, මහනුවර - ගුණතිලක රාජපක්ෂ, මාතලේ - නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, නුවරඑළිය - එස්.බී. දිසානායක, බදුල්ල - සුදර්ශන දෙනිපිටිය, මොණරාගල - කුමාරසිරි රත්නායක, රත්නපුර - අකිල එල්ලාවල, කෑගල්ල - රාජිකා වික්‍රමසිංහ, දිගාමඩුල්ල - ඩී. වීරසිංහ, ත්‍රීකුණාමලය - කපිල අතුකෝරල යන මහත්වරුන්ය



Recommended Articles