QR ඛේතයට ඉන්ධන දීම කල් යයි


QR ඛේතය අනුව ඉන්ධන නිකුත් කිරීම දිවයින පුරා අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය තවත් දින කිහිපයකට කල් දැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් අද දිනයේද දිවයින පුරා ඉන්ධන හල් කිහිපයක මෙම ක්‍රමය අත්හදා බැලීමට නියමිතව තිබේ. වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරිම තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

 



Recommended Articles