PCR පරික්ෂණ කට්ටල 16,800ක පරිත්‍යාගයක්


කොකා කෝලා සමාගම හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 16800ක් හා VTM 17000ක් අග්‍රාමාත්‍යතුමා වෙත පරිත්‍යාග කිරීම ඊයේ (2)  දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් 06ක් සඳහා මෙම වෛද්‍ය උපකරණ කට්ටල යොමු කිරීමට නියමිතය.

එම උපකරණවල වටිනාකම රුපියල් මිලියන 50 කි.

මේ දක්වා කොකා කෝලා සමාගම හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් රුපියල් මිලියන 130ක පරිත්‍යාගයන් කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර, කොකා කෝලා සමාගමේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ලක්ෂාන් මදුරසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ මයන්ක් අරෝරා, ඉන්දීය හා දකුණු ආසියානු කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ පන්කාජ් සිං මහත්වරු එක්ව සිටියහ.



Recommended Articles