NTJ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට


ජාතික තව්හීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු රටින් පලා යාමට උත්සහ  කිරීමේ දී  කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ලේ පදිංචිකරුවකු වන සෙයින් අන්සාර් මොහොමඩ් නැමැත්තෙකි.

මෙම සැකකරු  නුවරඑළියේ   තව්හීත් ජමාත් සංවිධාන පුහුණු කඳවුරේ දේශන වලට සම්බන්ධ වී ඇති  පුද්ගලයකු බවත්  මොහු සම්බන්ධයෙන්  ත‍්‍රස්තාවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින්  සිටි බවත් පොලීසිය පවසයි. සැකකරු අත්අඩංගුවට පසුවන අවස්ථාවේදී ජපානයට යෑමට සූදානම්ව සිට ඇත.

 



Recommended Articles