NIC එක්දින සේවය තවදුරටත් අත්හිටුවයි


ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

කොවිඩ්19 මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කළත් මහජනතාව විශාල වශයෙන් එක්රැස්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය මාර්තු 16 දා සිට මෙසේ එක්දින සේවාව තාවකාලිකව නවත්වා තිබේ. කෙසේ වෙතත් විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, රියදුරු බලපත් ලබාගැනීම, විදෙස් ගමන් බලපත් ලබාගැනීම යනාදී අත්‍යාවශ්‍ය කටයුතු හේතුවෙන් ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය සේවා ලාභීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ප්‍රා දේශීය ලේකම් කාර්යාල හරහා මේවන විටත් ක්‍රියාත්මක බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.



Recommended Articles