MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් රු මි 340ක් ඉල්ලයි


නැගෙනහිර මුහුදු තිරයේදී MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරිමට දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340ක වියදමක් දරා ඇති බව දන්වා නෞකාවේ හිමිකරුවන් ගේ නීතිඥවරුන්ට නීතිපතිවරයා විසින් හානිපුර්ණ ලේඛණයක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාර්ඩ් සමාගම සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340 ක හානිපූර්ණයක් මෙලෙස ඉල්ලා තිබේ.



Recommended Articles