IPL ඉතිහාසයේ ඉහළම මිල සෑම් කරන්ට


ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියක් තුළ ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම වටිනාකමට හිමිකම් කීමට එංගලන්තයේ සෑම් කරන් සමතවිය. ඔහු මිලදී ගැනීම වෙනුවෙන් පංජාප් කිංගස් කණ්ඩායම ඔහු මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 18.5කි. 

ඊට අමතරව ඔස්ට්‍රේලියානු ක්‍රිඩක කැමරන් ග්‍රීන් ඉන්දීය රුපියල් කෝටි 17.5කට මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කළේය.

එංගලන්ත කණ්ඩායමේ ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ඉන්දීය රුපියල් කෝටි 16.25කට මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කළේය. මෙම මිලදී ගැනීම් තුන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ක්‍රීඩකයන් අලෙවි වූ ඉහළම වටිනාකම් වෙයි.



Recommended Articles