IOC ඉන්ධන මිලත් ඉහළට


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයත් සමගින් තමන්ද ඉන්ධන මිල ඉහළ නංවන බව ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.

ඒ අනුව ඔවුන්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන අලෙවි කරන මිල ගණන්වලට ඉන්ධන අලෙවි කිරීමට නියමිතය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බව ඔවුන් ප්‍රකාශ කරයි.

නව මිල ගණන්

ඔක්ටේන් 92 පෙට්‍රල් - රු 157 යි (වැඩිවූ මිල රු 20 යි)

ඔක්ටේන් 95 පෙට්‍රල් - රු 184 යි (වැඩි වූ මිල රු 23යි)

ඔටෝ ඩීසල් - රු 111 යි (වැඩිවූ මිල රු 7යි)

සුපර් ඩීසල් - රු 144 යි (වැඩි වූ මිල රු 12යි)

භූමිතෙල්  - රු 77 යි (වැඩි වූ මිල රු 7)

 



Recommended Articles