IMF ණය වසර අවසානයේදී ලැබේතැයි ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන්


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් එකඟවූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල වසර අවසානය වන විට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අපේක්ෂා කරන බව සඳහන් කළේ යැයි රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

මෙම ණය මුදල වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල එකඟතාව ලැබී ඇති අතර එම මුදල් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතියද අවශ්‍ය වෙයි.

එම අනුමැතිය දෙසැම්බර් මාසය වන විට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව තම ණය හිමියන් වෙනුවෙන් මූල්‍ය සහතික ලබා ගැනීමට කටයුතු කළ යුතු වෙයි.

වසරේ අවසාන කාර්තුව සහ 2023 දෙවන කාර්තුව අතර ශ්‍රී ලංකාව සිය සියලුම ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුම් වලට පැමිණීමට අපේක්ෂා කරයි.

 



Recommended Articles