IMF ණය දීපු රටවල් තවත් වහල්භාවයට ගිහින් තයෙන්නේ


පසුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබාදුන් රටවල් සෞභාග්‍යයට ගොස් නොමැති බවත් තවදුරටත් වහල් භාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පැවැසූහ.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු පැවැත්වූ මාධය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

“ලෝකය කියන්නේ සුරභිදේනුවක් වත් කල්ප වෘක්ෂයක්වත් නෙමෙයි. සිතූ  පැතූ සම්පත් දෙන තැනක් නෙමෙයි. පහුගිය කාලය බැලුවොත් අයි.එම්.එෆ්. එක ණය දීපු ලෝකයේ රටවල් අරගෙන බැලුවොත් ඒ රටවලට සෞභාග්‍යය උදාවෙලා නෑ. ඒ රටවල් තවත් වහල් භාවයට ගිහිල්ලා තියෙන්නේ.

දිගටම අයි.එම්.එෆ්. යන්න ඕන, ලෝක බැංකුවට යන්න ඕන, මේක අගමැතිතුමාට විසඳන්න පුළුවන් කියලා මතයක් තිබුණා. අපි දැන් ඒකටත් ඉඩ දුන්නා. අපි නිහඩව බලා හිටියා. ඔහුට අවස්ථව දීලා යම් ශක්තියක් දෙන්න. නමුත් රට දැන් විශාල අර්බුදයක තියෙන්නේ.”



Recommended Articles