ETI සැකකරුවන් අද අධිකරණයට


ඊ.ටී.අයි. මූල්‍ය වංචාවන්ට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වන නාලක එදිරිසිංහයි.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි අතර අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිමේ.

මේ වන විට ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් හා අධ්‍යක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දිනයේදී කොටුම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



Recommended Articles