EPF සේවා සීමා කරයි


කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම පාලනය කිරිම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් මාර්තු 31 දා තෙක් සීමා කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදලේ සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනිම, සේවක අර්ථ සාධක අරමුදලේ 30%ක ප්‍රතිපාදන අයදුම්පත් භාර ගැනිම, සේවක අර්ථසාධක අරමුදලේ නිවාස ණය අයදුම්පත් භාර ගැනීම මෙසේ තාවකාලිකව අත්හිටුවා ඇත.



Recommended Articles