DMT සදුඳා සිට යළි වැඩ අරඹයි


මෝටර්  රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ලබන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එහෙත් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර එහි සේවාවන් ලබා ගැනීම සඳහා සේවාලාභීන් එම දෙපාර්තමේන්තුව අමතා වේලාවක් වෙන්කර ගත යුතුය.

අද (16) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය.

කොවිඩ් වසංගතය පාලනය වන තුරු නව ක්‍රමවේදයක් යටතේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ වැඩකටයුතු  සිදු කෙරෙන බව ද ඒ මහතා කියා සිටියේය.

දුරකථන හරහා කාලය වෙන් කිරීම් තුළින් එක් දින සේවයේ වැඩකටයුතු සිදුකිරීමට නියමිතය.

මෙහිදී බැංකු හා ලීසිං සමාගම්වලට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බව ද අමුණුගම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



Recommended Articles