CIDය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන්ට චෝදනා


ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

ඊයේ (05) මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිලධාරීන් විසින් දැනුම් දී තිබෙන්​නේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී දැනුම්දුන්නද මෙතෙක් සිරිල් ගාමිණී පියතුමන් පෙනී නොසිටි බව​ටයි.

මහෙස්ත්‍රාත්වරයා විසින් නිලධාරීන්ට දැනුම් දුන්නේ රාජ්‍ය සේවකයෙකුගේ නියෝගයකට අවනත නොවීම සම්බන්ධයෙන් අදාළ පියතුමාට එරෙහිව විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස​ටයි.



Recommended Articles