CDS අත්අඩංගුවට ගන්නවා - CID


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19දා) දැන්වීය.

ඒ තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති  බවත් ඔහුව ඉදිරි සතිය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට අවශ්‍ය ලිපි සකස් කර ඇති බවත් එම දෙපාර්තමේන්තව සඳහන් කළේය.

රහස් පොලීසිය වෙනුවෙන් පොලිස්  පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.



Recommended Articles