ADB 55 වැනි වාර්ෂික සමුළුව 2022දී ලංකාවේදී


ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව 2022 වසරේදී කොළඹදී පැවැත්වීමට ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙම සමුළුව සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යවරුන් 30ට වැඩි පිරිසක් මහ බැජකු අධිපතිවරුන්, ප්‍රධාන ජාත්‍යන්තර බැංකු හා සමාගම්වල විධායක නිලධාරීන්, දේශීය හා විදේශීය සම්භාවනීය අමුත්තන් හා මාධ්‍යෙව්දීන් ඇතුළුව 3000-4000 ක පමණ පිරිසක් සහභාගිවනු ඇතැයි ගණන් බලා තිබේ.

2022 මැයි මස 2 දා සිට 05 දා දක්වා දින 4ක කාලයක් තුළ මෙම සමුළුව පැවැත්විමට නියමිත අතර ඒ හා සමගාමීව ඊට අදාල වෙනත් රැස්වීම් හා උත්සව ගණනාවක්ද පැවැත්වීමට නියමිතය.

 



Recommended Articles