ABC චෝදනාවලට මමත් පවුලේ අයත් සම්බන්ධ නෑ


හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදි සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය ඉදිරිපත් කළ චෝදනාවලට තමන් හෝ තම පවුලේ අය සම්බන්ධ නොමැති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසිය.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු මඳහන් කරන්නේ කිසිම සාක්ෂියක් නැති සමාගම් දෙකක් අතර ගනුදෙනුවකට තමන් හා තමන්ගේ පවුලේ අය සම්බන්ධ කර ඇති බවයි.

පසුගිය යහපාලන රජයද තමන්ට විවිධ චෝදනා එල්ල කළ බවත් එම නඩුවලට තමන් තවමත් උසාවි යන බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසයි.

 



Recommended Articles