95 ඔක්ටේන් අවශ්‍ය අය 92 පෝලිමේ ඉන්න එපා


අද දිනයේ පටන් ඔක්ටේන් 95 පෙට්‍රල් දිවයින පුරා බෙදා හරින බවත් සති 6කට ප්‍රමාණවත් ඔක්ටේන් 95 පෙට්‍රල් මේ වන විට ඇති බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මේ අනුව ඔක්ටේන් 95 අවශ්‍ය අය ඔක්ටේන් 92 පෙට්‍රල් පෝලිම්වල රැදී සිටීමෙන් වළකින ලෙසත් හෙට දිනයේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පැවැසිය.

 

 



Recommended Articles