9 හැවැරිදි දරුවෙක් අතුරුදන්


එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලීසියට අදාළ දරුවාගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක් සිදු කර ඇත.

මෙම  සිසුවා ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ මව පැවසීය.

ඊයේ (19) රාත්‍රි 8.30 න් පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය හඩා වැළපෙමින් පැවසූවාය.

 



Recommended Articles