79 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. ඒ අනුව 79 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙවර නිදහස් දින උළෙලේ තේමාව, සංවිධාන කටයුතු, වැඩසටහනේ පෙළගැස්ම සහ ආගමික කටයුතු ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

