75 නිදහසේ සමරු කාසිය අගමැතිට


ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු කාසිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම, අද (08දා)  පාර්ලිමේන්තුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් රුපියල් 1000ක මුහුණත වටිනාකමින් යුතු එම සමරු කාසිය, අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වනු ලැබීය. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය වේ.



Recommended Articles