60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදිමේ වැඩපිළිවෙල වේගවත් කෙරේ


වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළදී වේගවත් කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

දිස්ත්‍රික් මට්ටමින් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් සංඛ්‍යා ලේඛන වාර්තාවක් ලබා ගැනීමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටියා.

මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද එක්ව සිටියා.

 



Recommended Articles