6 දා තෙක් බදුල්ල නීතිඥවරු අධිකරණ කටයුතු වලින් ඉවත් වෙති


කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමේ අවධානම වළක්වා ලීමට සහාය දැක්වීමක් වශයෙන් මේ මස 6 වනදා දක්වා විවෘත අධිකරණ කටයුතු වලට සහභාගිවීමෙන් වැළැකී සිටීමට බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමකදී ඒකමතිකව  තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති සුජීවන සිල්වා මහතා  පැවසීය.

විනිසුරුවන්ගේ , අධිකරණ කාර්ය මණ්ඩලවල , නීතිවේදීන්ගේ හා අධිකරණ  වලට පැමිණෙන මහජනතාවගේත් සෞඛ්‍යයට එල්ල වී තිබෙන අවධානම පිළිබදව ගැඹුරින් සාකච්චාකර මේ තීරණයට එළැඹි බවද සිල්වා මහතා සඳහන් කළේය.

බදුල්ල පාලිත ආරියවංශ



Recommended Articles