555ක් නිරෝධායනය අවසන් කරයි


යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධාන මධ්‍යස්ථාන තුළින් නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 555ක් අද දිනයේදී මධ්‍යස්ථාන තුළින් පිටත්ව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව අද දිනය දක්වා පුද්ගලයන් 27 494ක් නිරෝධායනය අවසන් කර තිබේ. තවත් පුද්ගලයන් 3102ක් නිරෝධායන මධ්‍යස්ථාන 40ක නිරෝධානය වෙමින් පවතින බවද එම මධ්‍යස්ථාන සඳහන් කරයි.



Recommended Articles