475 මුව ආවරණ 2050ට ගත් රෝහලක්


එන් 95 මුවආවරණ එකක් රුපියල් 475කට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිලදි ගැනීමට හැකියාව තිබියදි, රාගම ශික්ෂණ රෝහලේ කළමණාකාරිත්වය මගින් 2020 වසරේදී එකක් රුපියල් 2050 බැගින් එන් 95 මුව ආවරණ 1080ක් මිලදී ගැනීම නිසා රුපියල් දාහත් ලක්ෂයක පාඩුවක් සිදුකිරිම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ.

සෞඛ්‍ය අමත්‍යාංශය සම්බන්ධයෙන් 2021 වසරේ දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේ මේ බව සඳහන් වේ.

වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහලට ප‍්‍රමාණවත් තරම් මුව ආවරණ සපයා තිබියදි මෙම මිලදි ගැනීම සිදුකර ඇති  බව වැඩිදුරටත් එම වාර්තාවේ සඳහන් වේ.



Recommended Articles