ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් අභ්‍යාසයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් ඊයේ (02දා) ත්‍රිකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් වූ බව නාවික හමුදාව පවසයි.
මෙම නෞකාවන් වරායෙන් පිටත්වීම නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි.
එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී, නියෝජ්‍ය ආඥාපතිවරයා විසින් නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සහ නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලදී. එම නෞකාවන් මාර්තු මස 06 වන දින ඉන්දියාවේ විශාකාපට්නම් වරාය වෙත ළඟා වීමට නියමිතය.

