29 දා සිට නැවතත් වැස්ස වැඩිවෙයි


සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් දෙසැම්බර් මස 29 වන දින සිට දිවයින හරහා බලාපොරොත්තුවන බැවින් එදින
සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර,ඌව හා මධ්‍යම පළාත්වන වැසි තත්ත්වයේ 
වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි අනාවැකි හා නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද
එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles