22 හැවැරිදි බිරිඳව ඝාතනය කර වළදැමූ 23 වියැති සැමියා අල්ලයි


තම 22 හැවැරිදි බිරිඳව ඝාතනය කළ නිවසේ පිටුපස වළදැමූ 23 හැවැරිදි සැමියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඝාතකයා විසින් මෙම ඝාතනය පසුගිය 21 දා සිදුකර තිබේ. මුල්ලියාවේලි, නීරාවිපිඩ්ඩි නැගෙනහිර ප්‍ර දේශයේ පදිංචිව සිටි තම දියණියගෙන් දුරකතනයට ප්‍රතිචාරයක් නොදැක්වන බවත් ඇතිවූ සැකය මත නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ දුව නොසිටි බැවින් මව මුල්ලියාවේදී පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ බිරිඳ සමග ඇතිවූ බහින්බස්වීම්ක දුරදිග යාමෙන් පසුව සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පසුව සැකකරු ප්‍ර දේශයෙන් පළාගොස් වැල්ලම්පිටියේ සැගව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles