22 හැවැරිදි තරුණයා දුම්රියට පැන්නාද? දුම්රියේ ගැටුණාද?


බදුල්ල සිට කොළඹ බලා අද 29 රාත්‍රී  ධාවනය  වෙමින් තිබූ  දුම්රියක ගැටී  විසිදෙක හැවිරිදි තරුණයෙකු    ජීවිතක්ෂයට පත් වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය. 

හාලිඇල උඩුවර  හැවන්කදුර පදිංචිව සිටි   ඒ එම්  තරිඳු චාමර නමැති විසි දෙක හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙම  තරුණයා දුම්රියට පැන්නේ ද දුම්රියේ හැපුනේද යන්න සෙවීමට පරීක්ෂණ කරන බවද පොලිසිය පැවසීය. 

ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දෙසට මීටර් 200ක් පමණ දුරින්  තිබියදී සිරුර හමුවී  ඇත. ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.



Recommended Articles