2026 යල කන්නයේ වී නිෂ්පාදනය පහළ ගිහින්


පසුගිය යල කන්නයේ (2026)  මෙරට වී නිෂ්පාදනය වි මෙට්‍රික්ටොන් මිලියන 2.01ක් ලෙස  පුරෝකථනය  කොට ඇති අතර එය  ඉකුත් වර්ෂයේ යල (2025) කන්නයට සාපේක්ෂව වි නිෂ්පාදනය සියයට 12.9ක පහළයාමක්  බව මුදල් ක්‍රමසම්පාදන හා  ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

2026 යල කන්නය සදහා  එම වර්ෂයේ ජුනි මස අවසානය වනවිට  හෙක්ටයාර 508,793ක වි වපුරණු ලද බිම් ප්‍රමාණය මත  පදනම්ව  වි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 2.01ක් ලෙස  පුරෝකථනය  කොට ඇත.2025 වර්ෂයේ යල කන්නයේ වි නිෂ්පාදනය  වි මෙට්‍රික්ටොන් මිලියන 2.31කි.මැදපෙරදිග  යුද ගැටුම්  හේතුවෙන්  යෙදවුම් පිරිවැය ඉහළයාම   නිසා ගොවින්ට ඇතිවු පිඩනය මෙම තත්ත්වයට හේතුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

මෙම තත්ත්වය හමුවේ ගොවින්ට  ඇතිවු පිඩනය  ලිහිල් කිරිම සදහා  රජය විසින් තාවකාලික සහන පැකේජයක කොටසක් ලෙස  2026  යල කන්නය සදහා  රුපියල් බිලියන 5.5ක  අතිරේඛ පොහොර සහනාධාරයක්  ලබා දි  තිබුණි.

 



Recommended Articles