2025දී පුද්ගලයින් 3,11,213 රට රැකියාවට ගිහින්


2025  වසර  තුල  පුද්ගලයින් 3,11,213 දෙනෙකු විදෙස් රැකියා සඳහා ගොස් ඇති  බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

 තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව කරල ලද තොරතුරු ඉල්ලීමකට  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු නිලධාරි ජේ.ඒ.ඩී.පී. මංජුල මහතා විසින් ලබා දී ඇති තොරතුරුවල මේ බව සඳහන්  වෙයි.

මෙම ශ්‍රමිකයින් අතර කාන්තාවන් 1,20,359 ක් සහ පිරිමින් 1,90,854 ක්ද අඩංගු වන බව එම තොරතුරුවල සඳහන් වෙයි.

මෙම පිරිස රැකියා වර්ග 3,164 ක් සඳහා විදෙස් ගතව ඇති බවත් ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.



Recommended Articles