ඉකුත් වර්ෂයේ (2025) මෙරට වැඩ වර්ජන 19 ක් පැවති අතර ඉන් මිනිස් දින 14,691 ක් අහිමිවි ඇති බැව් කම්කරු අමාත්‍යංශය පවසයි.
මෙකි වැඩවර්ජන සදහා සේවකයින් 5409 දෙනෙකු සහභාගිවි තිබුණි. ඒ අනුව වතු ක්ෂේත්රයේ වැඩ වර්ජන 06ක්, පැවති අතර ඉන් අහිමි වි ඇති මිනිස් දින ගණන 1,191කි.ඉදිකිරිම් අංශයේ වැඩවර්ජන 03ක් පැවති අතර ඉන් අහිමි වි ඇති මිනිස් දින ගණන 2,206කි.
ඉකුත් වර්ෂය තුල වැඩිම වැඩ වර්ජන සංඛ්‍යාවක් තිබි ඇත්තේ නිෂ්පාදන අංශයේ වන අතර එම සංඛ්‍යාව 10කි. ඉන් අහිමිවි ඇති මිනිස් දින ගණන 11,294කි.
. කෙසේවුවද 2024 වර්ෂයේ මෙරට පැවති වැඩවර්ජන හේතුවෙන් මිනිස්දින 28,429ක් අහිමිවි තිබුණි. ඒ අනුව 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ දි මෙරට පැවති වැඩ වර්ජන හේතුයෙන් අහිමිවි ඇති මිනිස් දින ගණන 13,738කින් අඩුවි ඇති බවද කම්කරු අමාත්‍යංශය පෙන්වාදෙයි.

