2025 ලෝක රූ රැජිනට ටිෂානි පෙරේරා අපෙන්


තායිලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක රූ රැජින තරගාවලියට (Miss Grand International - 2025 ) සහභාගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටිෂානි පෙරේරා මෙනෙවිය 09/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .
           ලෝකයේ ප්‍රධානතම රූ රැජින තරගාවලියක් වන මෙම තරගාවලියට ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක රූ රැජිනියන් සහභාගී වන අතර එය 09/30 දින සිට 10/18 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිතය .
           ටිෂානි පෙරේරා 09/29 දින අලුයම 01.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියාය .
              ටිෂානි පෙරේරා ඉකුත් 09/24 දින ගල්කිස්ස මහ හෝටලයේ පැවැති ශ්‍රී ලංකා රූ රැජින  අවසාන  මහා තරගයෙන් ජයග්‍රහණය කර තිබූ අතර ඇය ජාත්‍යන්තර වෙළදාම සහ කළමනාකරණය පිළිබද මෙරට විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන සිසුවියකි .
              ඇයට සුභ පැතීම සදහා ටිෂානි පෙරේරා ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් මෙන්ම මෙම රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකා සංවිධායක සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . (I J )



Recommended Articles