මෙරට විදුලිබල උත්පාදනය මෙම වර්ෂයේ මුල් මාස දෙක තුලදි ගි.වො.පැය ඒකක 2,678කින් එනම් සියයට 1.3කින් වැඩිවි ඇති බැව් ශ්‍රිලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඉකුත් වර්ෂයේ (2024) මුල්මාස දෙක තුලදි මෙරට විදුලිබල උත්පාදනය ගි.වො.පැය ඒකක 2,643කි. ඒ අනුව මෙම වර්ෂයේ මුල්මාස දෙක තුලදි ජලවිදුලිබල උත්පාදනය ගි.වො.පැය ඒකක 912ක්, ද්‍රව ඉන්ධන 283ක්,ගල්අගුරු 797ක්, සුළං 43ක් වශයෙන් උත්පාදනය කොට තිබුණි. පුද්ගලික අංශය විසින් සිදුකළ විදුලි උත්පාදනය ගි.වො.පැය ඒකක 643කි. සාම්ප්‍රදායික නොවන පුනර්ජනනිය බලශක්ති උත්පාදනය ගි.වො.පැය ඒකක 465කි.
මෙම වර්ෂයේ මුල්මාස දෙක තුලදි ගි.වො.පැය ඒකක 758ක් කර්මාන්ත අංශය සදහා විදුලිය අලෙවිකොට තිබුණි.
චන්දන සමරවික්‍රම