2024 සජබ ජනපති අපේක්ෂකයා සජිත් - චමින්ද


2024 වසරේ ජනාධිපතිවරණයට තරග කිරිම සඳහා තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරිම සඳහා පක්ෂය මේ වන විට රටේ ජනතාව දැනුවත් කර පෙලගස්සවමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජයසිරි මහතා පැවැසීය.

එසේම බැඳුම්කර වංචාවට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුටත් රටේ ජනතාව ජන්දය ලබානොදුන් බවද ඔහු පැවැසීය.

චමින්ද විජේසිරි මහතා මේ බව පැවැසුවේ පාස්කු ප්‍රහාරය සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව නාවලපිටිය ප්‍රදේශයේ සමගි ජනබලවේගයේ සමාජිකයන් දැනුවත් කිරිම සඳහා ඊයේ (21දා) දින නාවලපිටිය නගරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමනි.

මෙම සම්මන්ත්‍රණය නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා විසින් සංවිධානය කර තිබුණි.



Recommended Articles