2024 මැතිවරණයේ තරුණ අභිවෘද්ධියට වෙන් කළ ලක්ෂ 290කින් තරුණයින්ට වැඩක් වෙලා නෑ


ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තරුණ  අභිවෘද්ධි වැඩසටහන සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයට ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 29ක ප්‍රතිපාදන  ලබා දි තිබුණද  තරුණ අභිවෘද්ධිය සදහා ඉන් කිසිදු මුදලක් යොදවා නොතිබු  බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

තරුණ අභිවෘද්ධි වැඩසටහන් සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයට අනුමත  ව්‍යාපෘති නොතිබුනද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම මුදල වෙන්කොට තිබුණි.

 ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මේ පිළිබද විගණනයට සදහන්කොට ඇත්තේ  වතුකරයේ ලියාපදිංචි ක්‍රිඩා සමාජ සදහා  ක්‍රිඩා උපකරණ ලබාදිමේ ව්‍යාපෘතිය  තරුණ  අභිවෘද්ධි  වැඩසටහන යටතේ  ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ ව්‍යාපෘතියක් බවය. ජනාධිති ලේකම් කාර්යාලය විසින් ලබාදුන් ප්‍රතිපාදන  ප්‍රතිපාදන භාවිතා කර  ක්‍රිඩා උපකරණ මිලදි ගැනිමට  ප්‍රසම්පාදන කටයුතු සිදුකිරිම සදහා  පුවත්පත් දැන්විමක් පලකල බවද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විගණනයට සදහන් කොට ඇත. ඉකුත් වර්ෂයේ පැවති ජනාධිපතිවරණය හා මහ මැතිවරණය හේතුවෙන්  ඊට අදාළ ඉතිරි කටයුතු  සිදුකිරිමට නොහැකි වි  ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් දන්වා තිබුණි.

 ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව තිබුණි.

 



Recommended Articles