2023දී මත්ස්‍ය නිෂ්පාදන අපනයෙන් රු. මි. 99118ක ආදායමක්


2015-2025 දක්වා කාලයෙහි මාළු අපනයනය කිරීමෙන් 2023 වසරේදී  වැඩිම අදායමක් ලබා ඇති අතර, එහිදී රුපියල් මිලියන 99,118ක් උපයා ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

2022 වසරේදී රුපියල් මිලියන 97,242.8ක්, 2024දී රුපියල් මිලියන 86,240.9ක්, 2021දී රුපියල් මිලියන 63,222.5ක් ද උපයා ඇත.

එමෙන්ම 2019දී රුපියල් මිලියන 53,482.9ක්, 2018දී රුපියල් මිලියන 47,928.9ක්, 2017දී රුපියල් මිලියන 39,229.7ක්, 2016දී රුපියල් මිලියන 26,801.6ක් සහ 2015දී රුපියල් මිලියන 24,716.1ක් මාළු අපනයනයෙන් උපයා ඇත.

මේ අතර, මෙම වසරේ පළමු මාස 03ක කාලයෙහි මාළු අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 18,247.7(ඩොලර් 61.6) උපයා ඇති බව ද  පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

 



Recommended Articles