2021 තෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ වෙයි


2021 තෙවැනි කාර්තුවේ ( ජුලි 01 - සැප්තැම්බර් 30) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සෘණාත්මක අගයක් ගෙන ඇත බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව එම කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 1.5කින් සංකෝචනය වී තිබේ.

තෙවැනි කාර්තුවේදී ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නිතිය මෙසේ ආර්ථිකය සෘණ වීමට බලපා ඇති බවද ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

තෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2 497 489 ක් වෙයි. 2020 තෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2 536 490ක් විය.

 



Recommended Articles