2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ ජයග්‍රාහයකින්


2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ පළමු ජයග්‍රාහකයින් තිදෙනා පසුගියදා ප්‍රකාශය​ට පත්වුණි. නීතිවිරෝධීව මුහුදු මගින් සිදු කෙරෙන සංක්‍රමණ​යේ භයානක කම ශ්‍රි ලාංකීය නව සිනමාකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණශීලීව දැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

මුහුදු මගින් සිදු කෙරෙන මිනිස් ජාවාර මෙහි ඇති භයානකකම ගැන මහජනතාව දැනුවත් කිරීමට ඇති නිර්මාණශීලී මාවතක් බව මෙම කෙටි චිත‍්‍රපටි තරගය සැලකිය හැකි බව  ඕස්​ට්‍රේලියානු ස්වෛරී දේශ සීමා මෙහෙයුම් සාධක බලකායේ අණ දෙන නිලධාරී රියර් අද්මිරාල්මාක්හිල් RAN පවසාසිටියේ ය.

”2021 කෙටි චිත‍්‍රපටි තරගාවලියඉතා ඉහළ සාර්ථකත්වයක් ලැබුවා. අපි බලාපොරොත්තු වුනාටත් වැඩි ඉතා විශාල ප්‍රතිචාරයක් ​මේ ස​ඳහා ලැබුණු අතර ඉන්සමහරක් නීතිවිරෝධී සංක්‍රමණය​ට කිසිදු අවස්ථාවක් නොමැතයන මැයෙන් අප විසින් සිදුකරන ලබන දැනුවත් කිරීමේ ව්‍යාපෘති සඳහා ද දායකකර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා

 ඕස්​ට්‍රේලියාවේ ශක්තිමත් දේශ සීමා ආරක්‍ෂණ ප්‍රතිපත්ති ගැන දැනුවත්කිරීම,මිනිස්ජාවාරම් ක්‍රියාකාරකම් වලට එරෙහිවීම,නොදැනුවත් බව නිසා අවදානම් ගමනකයෙදී ජීවිත අනතුරේ හෙලා ගැනීමට උත්සාහකරන තැනැනත්තන් ඉන් වැළැක්වීම මෙම ව්‍යාපෘතියේ අපේක්‍ෂාවයි.

මුහුද මගින් සිදු කෙරන නීතිවිරෝධී සංක්‍රමණයේ ඇති භයානකකම ගැන ජනතාව දිගින් දිගටම දැනුවත් කිරීමට මෙම ක්‍රියාවලිය වැදගත් වන අතර ඒ නිසා මිනිස් ජාවරම්කරුවන්ගේ බොරුවලට රැවටී මුහුද මැද තම ජීවිතය අනතුරේ හෙලා නොගෙන සිටීමට ජනතාවට හැකි වන බව රියර් අද්මිරාල් මාක්හිල් තවදුරටත් පැවසීය.

 ඕස්​ට්‍රේලියාවට මුහුදුමගින් සිදු කෙරෙන නීතිවිරෝධි සංක‍්‍රමනයයන තේමාව යටතේ සිදුකළ සිනමා කරුවන්ගේ නිර්මාණාත්මක වෑයම ඇගයීමට ලක්කරමින් සිදු කළ මෙම මෙම ප්‍රකාශ​ය සමාජමාධ්‍යවල ද පළවිය.

පළමු ජයග්‍රාහකයින් තිදෙනා

1 වනස්ථානය - කේ.ප්‍රභූ (ThunduPirasuram

2 වනස්ථානය - එස්.එස්.කේමාල් ( Roller)

3 වනස්ථානය - කේ.කිශාන්ත් (Zero)



Recommended Articles