තමාට 2021 වසර දක්වා ජනපතිධුරයේ කටයුතු කළ හැකිදැයි යන්න පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වන අතර ඒ අනුව වත්මන් ජනපතිවරයාගේ ධුර කාලයද 2020 වසරෙන් පසුව අවසන් වන බවට මේ වනවිට ගැටලුවක් මතුව තිබේ.
නමුත් 19 වැනි සංශෝධනයට පෙරාතුව ජනපතිවරගේ ධුර කාලය වසර හයක් වූ අතර ජනපතිවරයාගේ අදාළ විමසීම සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී විවාදයට ගැනීමට නියමිතය.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගෙන් ජනපතිවරයා විමසා ඇත්තේ තමා ජනපති ලෙස 2015 වසරේ ජනවාරි 9 දා පත්වූයේ ව්‍යවස්ථාවේ 32(01) වගන්තිය යටතේ බවත් එතැන් පටන් තමන්ට වසර හයක් ජනපති ධුරයේ කටයුතු කළ හැකිදැයි යනුවෙනි.
මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස ජනවාරි 14 දා හෝ ඊට ප්‍රථමව දැනුම් දෙන ලෙස ජනපතිවරයා දන්වා ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විවෘත අධිකරණයේදී බ්‍රහස්පතින්දා විවාද කරීමට නියමිත අතර නීතිඥ සංගමයේ මතය 11දා පෙව. 11.00ට පෙර දන්වන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකඛාධිකාරී නීතිඥ සංගමයෙන් ඉල්ලා ඇත.