2020 වර්ෂයට විශ්ව විද්‍යාල වලට ලියාපදිංචි විමේ කාලය දිර්ඝ කරයි


2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

පවතින තත්ත්වය අනුව  ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන දරුවන් අපහසුතාවට පත් නොවන පරිදි තවත් කල් දැමීමට වුව තමන් ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාව තීරණය කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඒ මහතා සඳහන් කළේ විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ සහ ජනමාධ්‍ය ඔස්සේ ඉදිරි සැලසුම් පිළිබඳව මහජනතාවට දැනුම්දීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

 



Recommended Articles