2019 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කිරිම ප්‍රමාද වෙයි


මේ වන විට 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු සකස් කර අවසන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරයි.

කඩඉම් ලකුණු නිකුත් කිරිම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තිරණයක් ගෙන නොමැති බවද සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් කඩඉම් ලකුණු නිකුත් කිරිම ප්‍රමාද කිරිමට සිදු වන බවද සම්පත් අමරතුංග මහතා පවසයි.



Recommended Articles