2018 අයවැය ගැන අගමැතිගෙන් ඉඟියක්


2018 අයවැය ලේඛනය හරහා බස්නාහිරට සීමාවී තිබුණු සංවර්ධනය රටේ වෙනත් ප්‍රදේශවලට බෙදීයෑමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

“හැකියාවෙන්, දක්‍ෂතාවයෙන් හා ශක්තියෙන් ඉදිරියට යා හැකි අය, අයවැය මගින් දිරිමත් කරනවා. එසේ නොහැකි දුර්වල අයට අයවැය මගින් අතදෙනවා.

මෙය මුළු මහත් සමාජයම ඉහළ තලයකට ඔසවා තබන අභියෝගාත්මක ගමනක්. 2025 වනවිට මුළු රටම පොහොසත් කරවන සැලැසුමක්. ශ්‍රී ලංකාව යළිත් ඉන්දීය සාගරයේ ආර්ථික හා වෙළෙඳ කේන්ද්‍රස්ථානය ලෙසට පත් කරවීමේ වෑයමක්.” යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදි පවසා සිටියේය.

තුන් අවුරුදු ආර්ථික ප්‍රතිලාභ වැඩසටහන යටතේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 දක්වා වැඩි කිරීම, රැකියා දස ලක්‍ෂයක් උත්පාදනය කිරීම, වාර්ෂික ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම, වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 20 දක්වා වැඩි කරගැනීමට අපේක්‍ෂා කරන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

35a7786d2094a30b3fa5621a54dcf0a3_XL

 



Recommended Articles