2015 වසරේ සිට 2025 දක්වා වසර 10ක කාලයෙහි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හරහා මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 67,147ක (රුපියල් බිලියන 13,946ක) මුදලක් ප්‍රේෂණය වී ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
2025.02.25 වනවිට විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1,345,801 ක් වන බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඊයේ(22දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.