2011න් පසු මැකෝ ඡන්දය දෙයි


2011 වසරෙන් පසුව මෙවර ඡන්ද දායකයෙක් ලෙස තමන් ඡන්ද පොළට පැමිණි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ දී අද (5) උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ ඔහු පැවැසුවේ ඡන්ච පොළ සුරක්ෂිත බවයි.

"2011 න් පස්සේ ඡන්ද දායකයෙක් ලෙස ඡන්ද පොළට ගියේ අද.මට ඕනේ වෙලා තිබුණා අවුරුදු 65ක් වෙලත් වයස ප්‍රශ්නයක් නෑ, ඡන්දපොළ සුරක්ෂිතයි..බය නැතුව ඡන්දේ දාන්න එන්න.."

ඒ ඡන්දපොළේ ඔබට කිසිදු ගැටලුවක් නැතුව ඡන්දේ දාන්න පුළුවන්. සෞඛ්‍යාරක්ෂිතයි. ඒක නිසා කිසිම ගැටලුවක් නෑ.

අපේ ඉල්ලීම තරුණයින්ට එන්න ඡන්දේ දාන්න, තමන්ගේ අයියලා අක්කලාට එන්න කියන්න ඡන්දේ දන්න., අම්මලා තාත්තලාට, ආච්චිලා සීයලාට එන්න කියන්න ඡන්දේ දාන්න.. එන්න ඡන්දේ දාන්න. ඡන්දේ ඔබේ අයිතියයි.ෙ ඔබේ හඬයි‍ෙඔබේ අනාගතයයි. ඔබේ බලයයි."



Recommended Articles