2009 පෙර රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණයක් නෑ


2009ට පෙර ලබා ගත්  රියදුරු බලපත්‍ර අවලංගු  කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ පිළිබඳව ඉදිරි කටයුතු සිදුකිරීමට පියවර ගනිමින් තිබෙන බවද එම දෙපර්තමේන්තුව ඊයේ (16දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම 2009 ට පෙර ලබාගත්  රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙස මාධ්‍ය මගින් දැනුවත් කිරීම් සිදුකර තිබෙන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

 

 



Recommended Articles