200,000 අධික පිරිසකට ඊයේ දිනයේ එන්නත්කරණය


මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (03) දිනය තුළදී පුද්ගලයින් 240,000කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඊයේ දිනය තුළ කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව පුද්ගලයින් 237,334 දෙනෙකුට ඊයේ දිනය තුළ කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති බව වාර්තා වෙයි.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 161,415 දෙනෙකුටත්, පළමු මාත්‍රාව 24,883 දෙනෙකුටත්, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 26,192 දෙනෙකුටත්, දෙවන මාත්‍රාව 2,408 දෙනෙකුටත් ලබාදී තිබුණි.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 3,381 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 383 දෙනෙකුටත්, ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 7,748 දෙනෙකුටත් ලබාදී ඇති බව සඳහන් විය.

 



Recommended Articles