175,000කට ඊයේ කොවිඩ් එන්නත්


පුද්ගලයින් 175,696 දෙනෙකුට ඊයේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 111,465කට ලබා දි ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 42,814 දෙනෙකුට ලබා දි තිබේ.

එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 5,165 දෙනෙකුට ලබා දි තිබේ.

ඊයේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 16,252 දෙනෙකුට ලබා දි ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ

 



Recommended Articles