152 වන කෝවිඩ් -19 ආසාදිතයා වාර්තා වෙයි


අද(03) සවස කොවිඩ් - 19 ආසාදිතයෙක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.

ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

කෙ‍සේ නමුත් අද සවස 5.30 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.



Recommended Articles