15 හැවැරිදි දැරිය අපයෝජනය කළ 4කට ඇප


අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා මුදලට ලබාගෙන ලිංගික අපයෝජන කිරීමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් 4ට කට කොළඹ ඇතිරේක මහේස්ත්‍රාත් රෝෂිණී අබේවික්‍රම මහතමිය ඇප ලබාදුන්නාය.

මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදා රෝහලේ විශේෂශ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර්වරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනට මෙසේ ඇප නියමවිය.

එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි සැකකරුවන් සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9.00 - 12.00 අතර කාලයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය නියම කළේය.

සැකකරුවන්ට ඇප ලබා දෙනු ලැබුවේ ඔවුන් සම්බන්ධ විමර්ශන අවසන් බවට පොලිසිය දැක්වූ කරුණු සම්බන්ධයෙන් හා හඳුනාගැනීමේ පෙරට්ටුව අදාළ දැරිය සැකකරුවන් හඳුනා ගැනීම කරුණු විණි.



Recommended Articles